Saturday, 28 November 2015

අවුරුදු 5 කට පසු........

ඔන්න මන් කාලෙකට පස්සෙ බ්ලොගක් ලියනවා.හරියටම කිව්වොත් අවුරුදු 5 කට පස්සෙ.ඉතින් මේ වෙනකොට මීට අවුරුදු 5 කට කලින් තිබ්බ වගෙ නෙමෙයි දෑන් මගෙ ජීවිතේ....හරිය.ඉතින් මේ වෙනකල් බ්ලොග් එකේ මාත් එක්ක හිටපු දුකා අයියයි, බිගුවා අයියයි මන් ආදරයෙන් මතක් කරනවා.මරු මරු සීන් කෝන්ස් ගොඩක් තියනවා ඔයලට කියන්න.මන් ඊළග බ්ලොග් එකේ ඉදන් එවා කියන්නම්කො.එහෙනම් හැමෝටම අ....ලෝ.....හා.......

Saturday, 6 February 2010

තවත් එක් සත්‍ය කතාවක්!!!

ඕන්න් එහෙනම් මම අද කියන්න යන්නෙ අලුත් කතාවක් .මට වෙච්ච එකක් නෙවේ.මගෙ හොදම යාලුවට වෙච්ච කියවලාම බලමු.

මම මගෙ සිරාම කතාවක් බ්ලොග් එකෙ දෑම්මනේ මගෙ යාලුවට වුනු සීන් එක පෝස්ට් කරනවා කියල.මේන් ඒ කතාව.

මේ කතාව පටන් ගන්නෙ තවත් කතාවක අවසානයෙන්.
මගෙ යාලුවට හිටිය නැන්දා කෙනෙක්.මුගෙ මාමා හොද සල්ලිකාරයෙක්.මේ පවුල හිටියෙ නිසල්ගෙ ගෙවල් ගාව.මාමට හිටිය ලස්සන දුවෙක්.ඒ නිසා අපේ නිසලයත් කුකුලා වී පැදුරට එනවා අගේ හැමදාම මාමලගෙ දිහා රින්ගුවා.අන්තිමට නිසල් තමන්ගෙ නෑනට ආදරෙ ප්‍රකාශ කලා.නෑනත් මුගෙ ආදරේ පිලිගත්තා.ආ මට කියන්න අමතක වුනා නෑනගෙ නම තරින්දි.තරින්දි ලක්ශිකා.අපේ වයසෙම තමයි.එතකොට අපි 9 වසරේ.හැබැයි අදරේ ප්‍රකාශ කරේ 8 වසරෙදි හොදේ.

ඉතින් මුන් දෙන්නා ආදරෙන් සහ කෑදරෙන් ඉන්නකොට තරින්දිගෙ තාත්තට ඒ කියන්නෙ නිසල්ගෙ මාමට වැඩ කරපු තැනින් ස්තාන මාරුවක් හම්බවෙලා තිරිකුණාමලේට.ඉතින් තරින්දි නිසල්ට කියන්නෙත් නැතුව එහේ ගිහිල්ලා.ඉස්කෝලෙනුත් අස් වෙලා.

මූ දැන් පහුවෙනිදා ඉස්කෝලේ ඇවිල්ලා සෑඩ් මූඩ් එකෙන් ඉන්නකොට මම ඇහුවා මොකද කියලා.මූ ඉතින් මාත් එක්ක විස්තරේ කිව්වා මාර දුකෙන්.මටත් කරගන්න දෙයක් නෑ.මම උගෙ හිත සනසල පාඩම් වැඩ කලා.
මම පාඩම් වැඩ කලත් මූ හිටියෙ වෙන දිහාක.
ඔහොම් දවසක් දෙකක් ගියා.බැරිම තැන් මම ඇහුවා අදුරන වෙන කෙල්ලො නැද්ද කියලා.ඌ කිව්ව එක කෙල්ලෙක් ඉන්නවා අල්ලපු ගෙදර,ඌත් එක්ක ෆිට් කියලත්.මම ඊට පස්සෙ මම කිව්වා උඹ බය නැතුව අහපන් කියලා.කෙල්ලගෙ නම දිල්කි.

මූ ඒ පාර කියනවා,"මචන් අකමැති වුනොත්"කියලා.
"යකෝ හරකෝ!කෙල්ල දෙන උත්තරේ ගැන අපි මෙතන ඉදන් පේන බලලා හරියන්නෑනේ.උඹ ගිහිල්ලා අහපන්.උඹ ඇහුවට පස්සෙ කෙල්ල හිනා වෙලා ගියොත් වැඩේ ගොඩ.ඔරොප්පු වෙලා ගියොත් වැඩේ මඩ"කියලා මම කිව්වා.
කොහොම හරි කෙල්ල මූට කැමති වුනා.උන් දෙන්නගෙ ලවත් බොහොම සුන්දර විදිහට ගෙවිලා ගියා.
නිසලයගෙ යාලුවො ටිකක් හිටියා ගෙවල් ගාව.මුන් ටික හෙන දාමරිකයො ටිකක්.කොයි වෙලාවෙත් වලිම තමයි.ඇගේ හැප්පුනත් මරාගන්නවා.ඔය කල්ලියත් එක්ක මූත් බුදු ෆිට්.මුගෙ වලි වලට යන්නෙත් උන් ටික.උන්ගෙ වලි වලට අපේ බත් කන හරකත් යනවා.ඒ කියන්නෙ නිසල්.ඔය සෙට් එකෙ අයියා තමයි හශාන් කියන්නෙ.හශාන් දිල්කිගෙ අයියා.ඌ දන්නෑ සීන් එක.
කෙසේ හෝ වේවා කෙල්ල කැමති උනෑ නෑ නිසල් උන් එක්ක යනවට.දිල්කි මූට එපාම කිව්වා.මේ එල හරකා ඇහුවෙ නෑ.මමත් ඌට කට කැඩෙනකන් කිව්ව ඔය වැඩෙ නවත්තපන් කියලා.ඌ නෙමේ ඒක ඇහුවෙ අන්තිමට කෙල්ලට මේක ඉවසගන්න බැරුව කෙල්ල මූ ගැන තිබ්බ අදහස හිතින් අයින් කරගත්තා.ඒකි වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා.මූ ඌටම කරගත්තු ගොන් වැඩෙන් අයෙත් ඌට දුක උරුම වුනා.

ඕන්න ඕකයි කතාව.මට මෙතනදි කෙල්ල වගෙම කොල්ලත් වැරදියි කියලා හිතෙනවා.මොකද?නිසල්ට තිබ්බ තමන්ගෙ ආදරවන්තියගෙ කීම ටිකක් හරි අහන්න.දිල්කිටත් තිබ්බා කලබල වෙන්නෙ නැතුව ප්‍රශ්නෙ කතා කරලා විසද ගන්න.නැත්තන් මොලෙන් විසදගන්න.ඒ කියන්නෙ 64 න් එකක් දාල විසදගන්න.කොහොම හරි දෙන්න වෙන් උනා.කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා.මගෙ යාලුවා වන ඉල්ලන් කන ආරච්චිලාගෙ නිසල් දසුන් අද තාමත් අප්සට් එකේ.ඒ වුනාට වූට තාමත් තෙරෙන්නෙ නෑ කලේ ගොන් වැඩක් කියලා.

ඉතින් මගෙ කතාව ඉවරයි.මම ආයෙත් එන්නම්.බායි.ආ........... සොරි හොදේ.අලෝහා.

Saturday, 30 January 2010

ලන්ව වසන්නට පෑතුම් පුරන්නට මට යලි පුලුවන්දෝ? (1 කොටස)


ඕන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ මම ලිපියක් ලියන්න යන්නෙ.ඔක්කෝටම කලින් හෑමෝටම 2010 සුබ අලුත් අවුරුද්දක් වේවා!

අද මම ලියන්න යන්නෙ විරහ ගීත ටිකක්.මේ ගීත ඔයගොල්ලො අහලත් ඈති,නෑතුවත් ඈති.මේ ගීත ඔක්කොම කුමාරසිරි පතිරණගේ ගීත.කියවලම බලන්නකෝ.
හෑබෑයි ඒවා ඔක්කොම එකපාර දාන්න බෑ.ඒ නිසා ටික ටික දාන්නම්.

(රතු පාටින් ඈති තෑන් විශේශයි)

හද මාගේ

හද මාගේ රිදුම් දෙනවා-නෙතු මාගේ හඩා වෑටිලා
ඔබ නෑ දෑන් ලගින් රෑදිලා-පිටුපාලා ගියේ දමලා
ඔබ කීවත් දිවුරාලා-සෑමදා මට ලන්වීලා
අපි එක්වෙමු මතු කියලා-අද ඒ සෑම බොදවීලා

සරසවි පියසේ අද මා පමනයි
සිත තුල ඈත්තේ මතකය විතරයි
තනිය රකින්නේ මදනල පමනයි
දසත දෑනෙන්නෙ ඔබගේ සුවදයි
ඔබ කීවත්....................................

ඔබගේ හදවත හදුනන්නට බෑ
කිසිදින වෙනසක් මට දෑනුනෙත් නෑ
මොනදේ කෙරුවත් වයිර කරන්නෑ
ඔහු හා යන මග දෙපස හිදින්නෑ
ඔබ කීවත්.................................... 

දෙසිතක සෙනෙහස

දෙසිතක සෙනෙහස නොහදුනනා ලොව 
අපහට එරෙහි උනේ
දෙතෑනක තනිවී හෙලනා සුසුමින් 
හමුවෙමු අපි ලෝකයට හොරෙන්

පිබිදුනු එකමෙක මල් හද උයනේ
නුඹමයි සෙනෙහස සුවද පිරූ
නොපෙනෙන කුලයක අගයක් කුමටද 
මිනිසත් කම සිත් නොවෙද ගරු


අසරණ කර අප පෑතුමන් බිද හද 
සතුටක් නොම විද ගන්නේ නම්

කුමටද ලෝකෙන් සෙනෙහස ඉල්ලා
ලදුනේ ඔබ මට නොලෑබේ නම් 

පෙම්වතියක නොව

පෙම්වතියක නොව සොහොයුරියක ලෙස
ඔබ හමුවන්නට ලෑබෙනවා නම්

ඔබ මට බෑදි පෙම සොහොයුරු පෙමකට
පෙරලා ගන්නම් කුමරියේ මන්

ප්‍රේමය වෙනුවෙන් මා පෑතු පෑතුමන්
වියෑකීලා අද හිරු දුටු පිණි මෙන්

සොහොයුරියක් වී සිත සනසනු මෑන
පෑරුණු මා හද සුවද කරන්

ගිලිහී යන මා මා මතකය තුල 
සුපිපී පෑවතුන පෙම් හෑගුමන්
මා හද අසපුව එලිය කරනු මෑන 
සොහොයුරියක් වී ලගම ඉදන්

හිරු සදු පවා හඩාවී

හිරු සදු පවා හඩාවී මගෙ කදුලෑල් දෑකලා
ඔබ නම් මට හිනෑහේවී ඈතින් හිද බලලා

සෙනෙහස පුදදී කදුලු සලන්නට මා පවු කර ඈතිදෝ
වෙනතක යන්නට සිත ඉඩ දෙන්නට මා කලදේ කිමදෝ
හිනෑහී ඔය ලෙස යන්නට ඔබ හට ලදුනේ පුලුවන්දෝ
කම් නෑත ඉන්නම් මා තනි වෙන්නම් ඊට කමක් නෑතිදෝ

අතිනත අරගෙන ඔහු වෙත යන්නට ඔබ හට පුලුවන්දෝ
මතක අතීතය අමතක කරනට ඔය ලෙස හෑකිවීදෝ
ලන්ව වසන්නට පෑතුම් පුරන්නට මට යලි පුලුවන්දෝ
හිමි නෑති පෙමකට සදා හඩන්නම් ඔබට දුකක් නෑතිදෝ

පෙරුම් පුරා මන්

පෙරුම් පුරා මන් බලාන ඉන්නම් 
මාගෙ හද දිනූ යෞවනියේ 

අහක බලන් ඔබ හෑමදාමත් යයි
ඒත් තරහ නෑහෑ සදවතියේ

හිතන්න පුලුවන් ඔබ ගෑන මා හට
තහනම් කරන්න ඔබටත් බෑ
බලන්න පුලුවන් සෑමදා ඔබ දෙස 
එපා කියන්නට කාටත් බෑ
සිත තුල ඉපදුනු සෙනෙහේ පෑතුමන් 
සිද බිද දමන්න මටවත් බෑ
ඔබට උපන් පෙම අමතක කරමින්
මට සෑනසිල්ලෙ ඉදින්න බෑ

ඔබ ගෑන සිතමින් ඉන්නා විටදී 
සිතට නෑගෙන හෑම සිතුවිලි මන්
හද තුල තෙරපා සිරකර ගන්නම්

ඔබෙන් ලෑබෙන තුරු සෙනෙහස මන්
ලබන්න පුලුවන් ලදකගෙ සෙනෙහස 
ඒත් කුමට සිත නොගනී නම්
හිදින්න පුලුවන් මතු හෑමදාමත් 
ආදරේ ඔබ මට කියනවනම්


තව ගොඩක් තියනවා.පස්සෙ දාන්නම්.

මේ ගීත තියෙන්නෙ කුමාරසිරි පතිරණගෙ හිරු සදු පවා හඩාවී සහ සිතින් පතා ඉන්නම් ඈල්බම් වල අහලා බලන්නකෝ.comment එකකුත් දාගෙනම යන්න.අලෝහා!

මතු සම්බන්ද්යි.













Tuesday, 15 September 2009

සිරාම කථාවක්

ඔන්න ඉතින් මම අද පටන් ගත්ත අලුතෙන් බ්ලොග් එකක් ලියන්න.මම මේ කියන්න යන්නෙ සිරා කතාවක්.සිරාවටම කියනවානම් මේ කතාව මගේ ජීවිතයේ සිරාවටම වෙච්ච කතාවක්.ඕන්න මේකයි කතාව.

ඕන්න ඉතින් මම අවුරුදු 9ක් පහුකරලා 10 වසරටත් ආවා.ඒ වගේම හා හා පුරා කියලා ටියුෂන් පන්තිත් ගියා.
ඒකත් ඉතිහාසය පන්තියකට.හැබැයි මම කවදාවත් හිතුවෙ නෑ ඒ පන්තිය මගෙ ජීවිතය වෙනස් කරයි කියලා.ඉස්සෙල්ලාම අපි මේ කතාවේ චරිත ටික හදුනාගමු.මේකෙ ප්‍රධානියා ඉසුරු.ඒ කියන්නෙ මම.මගෙ යාලුවා නිසල්.මගේ ජීවිතේ වෙනස් කරපු චරිතෙ තමයි චමල්කා.

හරි!දැන් අපි කතාවට එමු.

මම කිව්වනේ අපි ඉතිහාසය පන්ති ගියා කියල,අපිට ඉගැන්නුවේ අපිට ඉස්කෝලේ ඉතිහාසය උගන්නපු සර්.හරී හොදයි.කොහොම හරි අපි පාඩම් ටික පටන් ගත්තා.මෙහෙම පාඩම් කරගෙන සති දෙකක් විතර යනකොට අපේ පන්තියට අලුත් සාමාජිකයෙක් එකතු වුනා,ඒ චමල්කා.ඉතින් අපි තුන්දෙනා විහිලුවෙන් තහලුවෙන් කතාබහ කලා.ඔය අතරෙදි තමයි මගේ හිතේ චමල්කාගේ රූපය ඈදුනේ,ආදරයක් ඈති වුනේ.ඉතින් මම වෑඩි කල් නොගිහින් මගෙ හිතේ තිබුනු දේ කිව්වා.කිව්ව පාර කෙල්ල කියපි,ඔයා මොනව හිතාගෙනද කතාකරන්නෙ කියලා.මම හොල්මන්ද පොල්කොල?එහෙම කියලා මට ගස්සලා ගියා.

එදායින් පස්සෙ මාත් එක්ක සති 3ක් විතර කතා නොකර,මගෙ දිහා බලන්නෙවත් නැතුව හිටියා.පස්සෙ මගේ යාලුවා,නිසල් ඒ ප්‍රශ්නෙ විසදල දුන්නා.

ඔය සීන්කෝන් එක වෙලා සති 3-4ක් ගියා.ඊට පස්සෙ මම ආයේත් කැමතිද ඇහුවා.හුටා!ඒ පාර "මට දැන්ම ඕවට හිත යොදවන්න බැ,මට ඉගෙනගන්න ඕනේ"කිව්වා.ඕක අහපු මගෙ යාලුවා ගත් කටටම කිව්වා,"මචෝ ඕක හරියන දීගයක් නෙමේ"කියලා.ඌ එහෙම කිව්වට මට ඒ ආදරේ මගෙ හිතින් මකලා දාන්න බැරි තරමටම මගේ හිතේ මුල් බැහැලා තිබුනේ.

කොහොමින් කොහොමින් හරි ඔය නිසා මගෙ අධ්‍යාපනයත් කඩාවැටීගෙන එනකොට මගෙ යාලුවා එයාගෙන් අහලා තියනවා ඇයි මට අකමැති කියලා.එතකොට එයා කියලා තියනවා "මට ඉගෙනගන්න ඕනා.ඉගෙනගෙන ඉවර උනාම ඕන එකක්" කියලා.මමත් ඉතින් හරි කියලා ඉන්නකොට කෙල්ල එකපාරටම මාත් එක්ක කතාකරන්නෙ නැතුව ගියා.මේක මෙහෙම මාසයක් විතර තිබුණා.මම එයාගෙන් කෙලින්ම ඇහුවා "ඇයි මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ"කියල.එතකොට එයා කිව්වා"මගෙ හිතේ ඔයා ගැන එහෙම අදහසක් නෑ"කියල.එහෙම කියපු එයා යන්න ගියා.

එදා ඉදන් මම මාස 2ක් 3ක් විතර ඇඩුවෙ පාසල් ප්‍රේමය බොලදයි කියන එක මටත් මගෙ යාලුවන්ටත් ඒත්තු ගන්වමින්.ඉස්කෝලෙදි මම ඇඩුවත් මට ගෙදරදි අඩන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.ඒ අපෙ අම්මට මගෙ අගල් 1/2 වෙනසක් වුනත් අදුන ගන්න පුලුවන් නිසා.මම අමාරුවෙන් වුනත් මගෙ ඇඩුම් වලකගත්තා.හැබැයි මට රෑ නිදාගන්න ගියාම ඇඩුනෙ මගෙ කොට්ටෙත් තෙමාගෙන.මගෙ යාලුවා නිසල් නිසා තමයි මට ටිකක් හරි ඔලුව උස්සලා ඉන්න ලැබුනෙ.

ඊට පස්සෙ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියල මම කරදර කරනවයි කියල.එතකොට එයාගේ දෙමව්පියො අපේ ඉතිහාසය සර්ට කියලා.සර් මගෙන් කෙලින්ම ඈහුවා සීන් එක ඇත්තද කියලා.මමත් ඉතින් ඇත්තම කිව්වා.ඒත් අපේ සර් රත්තරන්!මට එක වචනෙකින්වත් බැන්නෙ නෑ.සර් කිව්වෙ"10 වසරෙදි ඕය වගේ දේවල් සාමාන්‍යයි.අපිත් ඔයකාලේ ඔය වගේ වැඩ කලා"කියලා.ඊට පස්සෙ ඉතිහාසය පාඩම එදා මනෝ විද්‍යාව පාඩමක් වුනා.සර් ඒ කියපුවා මගේ හිතේ තිබුනු මැන්ටල් හැගීම් නැති කලා.දැන් මම කාටවත් ආදරේ කරන්නෙ නෑ.මම දැන් හොදට ඉගෙනගන්නවා.

ඉතින් මගේ අවාසනාවට ඇත්ත කතාව ඉවරයි.මේ සීන් ටික වුනේ පසුගිය මාස 7ත් 8ත් අතර කාලයේ.මේ මාස ගණනෙදී මම මානසිකව සෑහෙන්න වැටුනා.ඒ වෙලාවෙ මගේ දකුණු අත වගේ හිටියෙ මගේ යාලුවා නිසල් දසුන්.ඌ නිසා තමයි මට මගේ ඉස්කෝලේ වැඩ ටික හරියට කරගන්න ලැබුනේ.ඌටත් මට වුන එකට ටිකක් වෙනස් සිද්දියක් වුනා.ඒක මම පස්සෙ දවසක කියන්නම්.මම නවතිනවා.හැබැයි නිකන් නෙමේ.මම චමල්කාට ලිව්ව කවි 2-3ත් එක්ක.(මේවා ලියවුනේ එදා දුකට හොදේ).එහෙනම් මම චුත වුනා.අලෝහා!

මෙම කතාව මගේ දිවියේ සිරාවටම සිදුවූ බවත්,මෙහි නම් ගම් මනකල්පිත නොවන ඇත්ත නම් ගම් බවත් මා නැවත නැවතත් ප්‍රකාශ කරමි.

මෙන්න කවි ටික!

ඔබේ නිල් දෑස් ලග


ශෙලමය මගේ හිත


නිසසලව තිබුනි නම්


මේ තරම් දුකක් නෑ




ආදරයෙහි වේදනාව


ජීවිතයෙ හිස්බව


එකට සම වැදී ඇත


ජීවිතය පුරාවට




මම දිවියේ තනිවුනා


ඔබ දිවියේ දුර ගියා


මා අතරමන් වුනා


මතකයන් තුල සදා




මගේ හද පුරාවට


ඔබ ලැගුම් ගෙන සිටියි


ජීවිතය ඇතිතුරුම


මා ඔබට ආදරෙයි




ජීවිතය සමග එන


වදනකී නිරතුරුම


ජීවිතය නැතිකරන


වදන වේ ආදරය




මා ආදරෙයි ඔබට


මගේ පණටත් වඩා


ඉන්නම් සදාකල්


ජීවිතය ඇතිතුරා




මේක නම් මම ලියපු එකක් නෙමේ.ගීතයක කොටසක්.හැබැයි මට ගැලපෙනවා!


දන්නෙ නෑ මා ඉතින්


වේදනාවන් ආදරයේ


පෙම්වතියේ බැන්ද සෙනේ


කදුලු අරණක තනිවූයේ

Tuesday, 1 September 2009

මම ගැන

මම ගැන,

මගේ නම ඉසුරැ උදයංග‍.වයස අවු:15 යි.ඉන්නෙ බියගම.මම Blog කලාවට ආධුනිකයෙක්.ඒ නිසා මං හිතනවා ඔයගොල්ලෝ මට උදව් කරයි කියලා ම‍‍ගෙ වැරදි හදා ගන්න.